කොවිඩ් යළි හිස ඔසවයි - පස්සර ගම්මානයක අහඹු 37කින් 23කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කොවිඩ් යළි හිස ඔසවයි - පස්සර ගම්මානයක අහඹු 37කින් 23කට කොරෝනා

කොවිඩ් යළි හිස ඔසවයි - පස්සර ගම්මානයක අහඹු 37කින් 23කට කොරෝනා

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගමක් වන කහටරුප්ප, ගඩාදෙහිගොල්ල ගම්මානයේ 37 දෙනකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් 23 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

 

අහඹු ලෙස තෝරා ගැණුනු 37 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කළ බව සෞඛ්‍ය අංශ පවසයි. 

 

කොවිඩ් ආසාදිතයින් අතර පාසල් සිසුන් දෙදෙනෙකුද සිටින බව පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ . ජයකුමාර් මහතා පැවසා සිටයේය.

 

අසාදිතයින් සියළුදෙනාට නිවෙ‍ස් තුළම ප්‍රතිකාර කිරීම සඳහා යොමු කළ බවත් ආශ්‍රිතයින්ද එම නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කල බවත් ජයකුමාර් මහතා සඳහන් කළේය.

views

669 Views

Comments

arrow-up