ගිනිඅවි සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩින් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

ගිනිඅවි සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩින් අල්ලයි

ගිනිඅවි සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩින් අල්ලයි

ගිනි අවි, ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු සමග සැකකරුවෙකු මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් නීති විරෝධී භාණ්ඩ අතර බෝර 12 ගිනි අවියක්, ජීව උණ්ඩ 16ක් , කඩු 03ක්, කෙටේරි 01ක්, 9mm වර්ගයේ ජීව උණ්ඩ 12ක් වෙන බවයි පොලිසිය සඳහන් කළේ.

 

අදාළ සැකකරු 38 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වනවා.

 

මිනුවන්ගොඩ පොලිසියට ලද තොරතුරක් අනුවයි මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ.

 

සැකකරු අපරාධ හා සම්බන්ධ ද යන්න පිළිබඳ ව සහ තවත් ගිනි අවි තිබේද යන්න පිළිබඳ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

views

714 Views

Comments

arrow-up