ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා - මෝදි

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවගේ සුභසාධනය සහ අභිලාෂයන් වෙනුවෙන් ඉන්දීය රජය නිරතුරුව කැපවී කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.
ශ්‍රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවර දී ඊයේ (14) ප්‍රකාශ කළා
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
‘‘යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමට ලැබීම භාග්‍යයක්. සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනවා.
දෙමළ ජනතාවට අතීතයට වඩා වැඩි වශයෙන් අපි සම්පත් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බව සඳහන් කරන්න අවශ්‍යයි.“
“යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා.“
“අපේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ ඉතිහාසය මතක් කරන්න මා සූදානම් නැහැ.
අපේ ආණ්ඩුවේ අපේ නෛතික අභිලාෂ ආරක්ෂා කරන බවට මා සහතිකයක් දෙනවා“
“ශ්‍රී ලංකාවේ දී අපේ ධීවරයන් අත්අඩංගුවට ගත් විගස ඔවුන් නිදහස් කරගැනීමට අපි පියවර ගන්නවා.
මගේ කාලය තුළදී ඉන්දීය ධීවරයන් 1,600 ක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. මේ වෙද්දි කිසිදු ඉන්දීය ධීවරයකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ නැහැ.
ඒ වගේම බෝට්ටු 313ක් නිදහස් කරගැනීමට ද අපි සමත් වී සිටිනවා. ඉතිරි බෝට්ටු ටික ද අපි නිදහස් කරගන්නවා.“
යයිද එම නිවේදනයේ සඳහන් වේ.
721 Views
Comments