නව කොවිඩ් වෛරසය ආසාදනය වුවන් ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 16 දෙනෙකු මෙරටින් සොයා තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
එම පිරිස් මෙරට පැමිණ ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
ඒ ඉකුත් ජනවාරි මස 26 වෙනිදායින් පසුව ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකුගේ සිදුකළ ජානමය පරීක්ෂාවන් මගින්.
යුද හමුදාපතිවරයා පැවසුවේ මේ දක්වා මෙරටින් කොවිඩ් ප්‍රභේද 26ක් සොයා ගෙන ඇති බවයි.
එලෙස හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 16 දෙනා ගෙන් 13 දෙනෙකු මේ වන විටත් යුද හමුදාවේ පාලනයට යටතේ තිබෙන පොම්පෙමඩු සහ මුලංකාවිල් යන නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටින පුද්ගලයින් බවත් අනෙක් තිදෙනා ගෙන් එක් අයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සහ තවත් අයෙකු කොළඹ, හැව්ලොක් සිටි හි පිහිටි ඉදිකිරීම් වැඩබිමකින් හමුවූ කොවිඩ් ආසාදිතයෙකු බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මෙම පිරිස් ඇසුරු කළ අයවලුන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සොයා ගෙන ඔවුන් මේ වන විටත් නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
එමෙන්ම දැනට මෙම ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් ආසාදිතයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය වෙනුවට ඔවුන් දින 21ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සහ රටේ ඉදිරි කටයුතු කෙසේ සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුවවිසින් කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමග සාකච්ජා කොට අද හෝ හෙට දිනයේදී තීරණයක් ගන්නා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.
740 Views
Comments