ඌරුවරිගේ වන්නිලඇත්තාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

ඌරුවරිගේ වන්නිලඇත්තාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ඌරුවරිගේ වන්නිලඇත්තාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා

 

ඒ ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගෙන ප්‍රධාන පෙළේ සමාගම්වලට බඩඉරිඟු වගාව සඳහා අවසර ලබාදීමට ගෙන ඇති පියවර, වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා .

 

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස වනජීවී අමාත්‍යවරයා, පරිසර අමාත්‍යංශ ලේකම්වරයා, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා

 

තම ජනතාව වසර සිය දහස් ගණනක් තිස්සේ පරිහරණය කරමින් ජීවනෝපාය මාර්ග සකසා ගත් වනාන්තර වලින් අක්කර පන් දහසකට අධික ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරා ගෙන මහ පරිමාණයෙන් බඩඉරිඟු වගා කිරීමට ලබාදීම මගින් සිය ජීවනෝපායමාර්ග අහිමි වන බවත්, ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.

 

එබැවින් වහාම එම ක්‍රියාවන් වළක්වන රීට් ආඥාවක් වගඋත්තකරුවන්ට නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

views

718 Views

Comments

arrow-up