රුසියානු 'ස්පුටිනික්' සහ ඉන්දියානු 'භාරත් බයෝටෙක්' මෙරට අනුමැතියට යොමු කරයි

කොරෝනා මර්ධනයට එරෙහි ඉන්දියාවේ භාරත බයෝටෙක් සමාගම නිෂ්පාදනය කරන එන්නත සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
දැනට එන්නත් කරන සිදුකරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත සඳහා අවසර ලබාදුන් ක්‍රමවේදය යටතේ ම මෙම එන්නත් දෙකද පරීක්ෂාවට හා නිසි අධ්‍යයනයකට යොමුකර ඇති බවයි පැවසෙන්නේ.
හදිසි භාවිතය සඳහා එන්නත් වල පවතින යෝග්‍යතාවය අනුව ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
මෙරට පවතින සෞඛ්‍ය අංශයේ ශක්තිමත් බව අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට ද යම් කාලයක් ගත වූ අතර එන්නත ලබා ගත් පිරිසට මේ වන තෙක් දැඩි සංකූලතා මතුව නැහැ.
656 Views
Comments