ෆොන්සේකාට නව තනතුරක් - හක් ගෙඩියට සමුදී පාඨලීත් ටෙලිෆෝනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

ෆොන්සේකාට නව තනතුරක් - හක් ගෙඩියට සමුදී පාඨලීත් ටෙලිෆෝනයට

ෆොන්සේකාට නව තනතුරක් - හක් ගෙඩියට සමුදී පාඨලීත් ටෙලිෆෝනයට

සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කර තිබෙනවා.

 

එමෙන්ම නව මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද පත්ව තිබෙනවා.

 

සමගි ජන බලවේගය පක්ෂයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ ඇතුල් කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

 

එහිදී මෙලෙස නව නිලධාරි මණ්ඩලය පත් කර තිබෙනවා. පක්ෂයේ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතා ද, ජේෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල , කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්තුරුන් පත් කෙරුණා.

 

උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන්නේ තලතා අතුකෝරාල, ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදාරච්චි, A.H.M. හලීම්, පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන්.

 

සමගි ජනබල දීගේ නව භාණ්ඩාගාරික ධුරයට ආචාර්ය හර්ෂද සිල්වා මහතා පත් කර ඇති අතර අජිත් පී පෙරේරා මහතා පක්ෂයේ ප්‍රධාන විධායක ලෙසත් පත්වීම් ලබා තිබෙනවා. තවද ක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරුන් 04ක් සහ නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් 03ක් මෙන්ම නීති ලේකම්වරුන් 03දෙනෙකුද නව නිලධාරී මණ්ඩලයට ඇතුළත්.

 

මෙහිදී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

views

766 Views

Comments

arrow-up