ගමට පාලමක් ඉල්ලා ලග්ගල ගැමියෝ මාරාන්තික උපවාසයක

බිබිල, මඩුල්ල, ලග්ගල ගැමියෝ පිරිසක් දික්ඔය හරහා පාලමක් ලබාදෙන මෙන ඉල්ලා දින තුනක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරතව සිටිති.
තඹාන, දික්ඔය හරහා තම ගම්මානයට නෙදර්ලන්ත රජයෙන් පාලමක් ඉදිකිරීමට රුපියල් කෝටි හතරක මුදලක් ලැබුනු බවත් එය දේශපාලකයින්ගේ මැදිහත්වීම මත ගම්මානයට නොලැබුණු බවත් ගම්වාසීහු පවසති.
පාලම ඉදිකළ යුතුයැයි කියන ස්ථානය අසළ තාවකාලික මඩුවක් ඉදිකර ඔවුන් උපවාසයේ නිරතව සිටිති.
මේ පිළිබදව විමසීමේදී මඩුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති චමින්ද පුප්පකුමාර මහතා කියා සිටියේ ඉදිරියේදි ලග්ගල, තඹාන ගම්මානට පිවිසීම සඳහා පාළම ඉදිකරදෙන බවයි.
805 Views
Comments