දුම්රිය ගේට්ටුව වැසීම ප්‍රමාදවීමෙන් දුම්රියේ ගැටුණු මෝටර් රථය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

දුම්රිය ගේට්ටුව වැසීම ප්‍රමාදවීමෙන් දුම්රියේ ගැටුණු මෝටර් රථය

දුම්රිය ගේට්ටුව වැසීම ප්‍රමාදවීමෙන් දුම්රියේ ගැටුණු මෝටර් රථය

ඊයේ(06) සවස කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් දුම්රියක ගැටී තිබේ.

 

එම මෝටර් රථයේ තවත් කාන්තාවක් ගමන් කල අතර ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

 

නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගේට්ටුව වැසීම සඳහා නිසි අයුරින් සංඥා ලබානොදීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය පවසයි.

 

අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී අතර කොල්ලු‍පිටියේ රැකියා ස්ථානයේ සිට මහරගම නිවස කරා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මෙසේ අනතුරට මුහුණ දී තිබුණි.

 

දුම්රිය ආසන්න වනවාත් සමඟම මෝටර් රථයේ එන්ජිම නතර වී ඇති අතර මෝටර් රථයේ බඳ කොටස ධාවනය වන දුම්රියේ ගැටී තිබෙන බවද පොලීසිය පැවසීය.

 

කොළඹ සිට පාදුක්ක දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙසේ මෝටර් රථයේ ගැටී තිබෙන අතර ගැටීමත් සමඟ මෝටර් රථය අඩි 8ක් පමණ ඉදිරියට ඇඳීගොස් තිබේ.

 

අදාළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර තිබෙන්නේ දුම්රිය ගේට්ටුව වැසීම සඳහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් නිසි දැනුම්දීමක් නොලැබුණු හෙයින් අනතුර සිදුවූ බවයි.

views

1099 Views

Comments

arrow-up