හාල් පිළිබදව ඇමතිවරු දෙදෙනාගෙන් පරස්පර අදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
30

හාල් පිළිබදව ඇමතිවරු දෙදෙනාගෙන් පරස්පර අදහස්

හාල් පිළිබදව ඇමතිවරු දෙදෙනාගෙන් පරස්පර අදහස්

මෙරට තුළ පවතින සහල් ප්‍රමාණය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පරස්පර විරෝධී අදහස් පළ කරනු දැකගත හැකි විය.

 

2020/21 මාස් කන්නයේ සම්පූර්ණ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් වූ අතර එය අප්‍රේල් මාසයේ සිට තවත් මාස 10කට සෑහෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනය කර තිබුණා.

 

එවන් පසුබිමක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ "තවත් මාසයකට හමාරකට විතර අපි ගාව දැනටමත් සහල් තියෙනවා" යනුවෙනි.

 

කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙවැන්නක්.

 

“වේයන්ගොඩ ගබඩාවල හාල් ආරක්ෂිත තොගය ලෙස සහල් ඇටයක්වත් නෑ. ඒ නිසා අපි ජාත්‍යන්තර තරඟකාරී මිල කැඳවීමක් කරලා තියෙනවා සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. එහිදී නාඩුවලට සමාන සහල් මෙක්ට්‍රික් ටොන් 50,000ක් හා සම්බාවලට ආදේශ සහල් මෙක්ට්‍රික් ටොන් 50,000කුත් ආනයනය කිරීමට තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා තිබෙනවා.“

views

1205 Views

Comments

arrow-up