OCT
04
මින්නේරියේ ATM යන්ත්‍රයෙන් මුදල් හොරකම් කල සැකකරු අත්අඩංගුවට

මින්නේරිය මිහිරිගම ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයක තිබූ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් සොරකම් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.
සැකකරු විසින් මෙම යන්ත්‍රය තුළ තිබී රුපියල් ලක්ෂ 76කට අධික මුදලක් සොරකම් කර ඇති අතර යන්ත්‍රයට ද හානි කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු එප්පාවල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර ඔහු මීට පෙර ද ATM යන්ත්‍ර කඩා මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද අයෙකි.
819 Views
Comments