දරුවන් රැගෙන එන්න මව පාසලට ගොස් සිටියදී නිවස බිඳ ලක්‍ෂ 65ක දේපළ කොල්ල කාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

දරුවන් රැගෙන එන්න මව පාසලට ගොස් සිටියදී නිවස බිඳ ලක්‍ෂ 65ක දේපළ කොල්ල කාලා

දරුවන් රැගෙන එන්න මව පාසලට ගොස් සිටියදී නිවස බිඳ ලක්‍ෂ 65ක දේපළ කොල්ල කාලා

මාරවිල, තබ්බෝව ප්‍රදේශයේ මහ දවල් සුවිසල් නිවසකට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා රන් ආභරණ හා ඩොලර් 6450ක මුදලක් සොරා ගෙන තිබේ.

 

27 වෙනි දින දහවල් මෙම සොරකම සිදු වී තිබේ.

 

නිවසේ සිටි මව පාසල් ගොස් සිටි සිය දරුවන් දෙදෙනා රැගෙන ඒමට මාරවිල නගරයට ගිය අවස්ථාවේ මෙම සොරකම සිදු වී ඇත.

 

දෙමහල් නිවසේ පහත මහලේ පිහිටි මුළුතැන්ගෙයි ජනේලයක වීදුරුවක් පිහියක් ආධාරයෙන් බිඳ නිවසට ඇතුළු වී තිබේ.

 

නිවසේ උඩු මහලේ කාමරයක දොර කඩා ඇතුළු වී අල්මාරියක් තුළ තිබූ මෙම මුදල් සහ රන් ආභරණ සහ එක් වැඩිමහල් දරුවාගේ ක්‍රීඩා කුසලතා සඳහා ලබා ඇති රන් පදක්කම් කිහිපයක්ද රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා කොරියන් රටේ නිෂ්පාදිත අත් ඔරලෝසුවක් ද මෙසේ සොරා ගෙන තිබේ.

 

හලාවත පොලිස් කොට්ඨාසයේ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් විසින් ඇඟිලි සලකුණු සටහන් කරගැනීමට කටයුතු කෙරිණි.

views

276 Views

Comments

arrow-up