“වෙලාවෙ හැටියට පන්සල් කලුවරේ තියෙන එක හොඳ දෙයක්” මහජන උපයෝගීතා සභාපති

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව රාත්‍රී කාලයේදී විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා අඳුරේ තැබීමට ගෙන ඇති තීරණය මෙම අවස්ථාවේදී යෝග්‍ය තීරණයක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
අඩු විදුලි පරිභෝජනයක් ඇති විහාරස්ථාන සියල්ලම පාහේ නිසිකලට විදුලිබිල ගෙවා දමන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් සහනශීලී නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ අවධාරණය කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මහ නා හිමිවරුන් පෙන්වා දෙන්නේ මහජන සුබසිද්ධිය අරමුණු කර ගත් සාරධර්ම හා අධ්‍යාත්මික ගුණ වගාවෙන් සුපෝෂිත සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීම උදෙසා ආගමික සිද්ධස්ථාන වෙතින් ලබාදෙන දායකත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් එවැනි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි.
223 Views
Comments