ඇමති බලපෑමෙන් අස්වූ අධිකාරී සභාපති

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයාට එම ධුරයෙන් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍යවරයා දැනුම් දී ඇත.
අනුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරන්ග බස්නායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලියුම අමාත්‍යවරයා වෙත යවා තිබේ.
පසුගිය රජය සමයේදී මෙම පත්වීම සිදුකර ඇත්තේ එවකට රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ක්‍රියාකළ සීතා අරඹෙිපොල මහත්මිය විසිනි.
මේ අතර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ වෘත්තිය සමිති නායකයින් චෝදනා කරන්නේ පසුගිය වසරක කාලසීමාව තුළ තම ආයතනයේ බරපතල දූෂණ හා වංචාරැසක් සිදු වූ බවත් එනිසා එරංග බස්නායක මහතා සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස තමන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත්ය.
226 Views
Comments