“පණිවිඩකරුට වෙඩි තියන්න එපා” - ආචාර්ය හර්ෂ ද සිල්වා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

“පණිවිඩකරුට වෙඩි තියන්න එපා” - ආචාර්ය හර්ෂ ද සිල්වා

“පණිවිඩකරුට වෙඩි තියන්න එපා” - ආචාර්ය හර්ෂ ද සිල්වා

ගෝල්ෆේස් හි පැවැති අරගලයට සහභාගි වූ රංගන ශීල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (08දා) දින පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය.

එහිදී ඇතිවූ කතාබහ මෙසේය.



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස -

මම අද ගියා අත්අඩංගුවට ගෙන තිබෙන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බලන්න කොටුව පොලිස් ස්ථානයට. එතුමිය අරගලයේ සාමාජිකාවක්. ඇයට පොලිසියට එන්න කියලා තිබෙනවා. නමුත් ඇය දියත උයන මහජන උද්ඝෝෂණයට සහභාගි වීම සමගම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය රාජ්‍ය දේපළවලට හානි කරලා නෑ. ඇය ප්‍රජාතන්ත්‍රවාදී ලෙසයි මහජන උද්ඝෝෂණවලට සහභාගි වෙලා තිබෙන්නේ. ඇයි මෙහෙම අත්අඩංගුවට ගන්නේ. මේ රජයට තරුණ තරුණියන්, ගායක ගායිකාවන්, නළු නිළියන් පෙන්නන්නම බෑනේ. ආරක්ෂක අංශයට කියන්න මේ දඩයම නතර කරන්න කියලා. නාමල් රාජපක්‍ෂත් කෑ ගහනවා. එදා ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ අරලියගහ මන්දිරයෙන්.



නාමල් රාජපක්ෂ  – යම් කිසි අයෙක් වැරැද්දක් කරලා තිබෙනවා නම් පවත්නා නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි දැක්කා පසුගිය කාලයේ රටේ දේපළ විනාශ වෙනවා. මන්ත්‍රීවරයෙකුත් ඝාතනය වුණා. ඇය වැරැද්දක් කරලා නැත්නම් ඇයට නිදහස හිමි වෙයි.



විපක්ෂ නායකමේක වැරදි ක්‍රියාවක්. මේක කලා ක්‍ෂේත්‍රයට කරන මරු පහරක්. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා එකක් තිබෙනවා. ඒක නමට විතරයි තිබෙන්නේ. අපිට මේවා ජිනීවාවල දී නොවෙයි බේරාගන්න ඕනේ.



හර්ෂණ රාජකරුණා - දිගින් දිගටම මේ විදිහට මර්දනය ක්‍රියාත්මක වෙන එක ගැන අපට ගැටලුවක් තිබෙනවා. අපි විපක්ෂයක් විදිහට කොන්දේසි විරහිතව ආණ්ඩුවට මේ වන විට සහයෝගය දෙනවා. මේ කරන වැඩ නිසා අපි කොහොමද සහාය දෙන්නේ. දැන් ජිනීවාවලත් මේවා කතා වෙනවා.



මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි  – දමිතා අබේරත්න මහත්මිය මේ මන්ත්‍රීවරු 225ටම ඉතා නින්දිත විදිහට කතා කරනවා අපි දැක්කා. ඒක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඇයට කතා කරන්න උගන්වන්න වෙයි.



ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග  – අපි දැක්කා ඇය කතා කරපු විදිහත්. හැබැයි මේ අත්අඩංගුවට ගැනීමෙන් ඇගේ මානව හිමිකම් කඩවෙලා ද කියලා බලන්න ඕනෙ. ඒ වගේම අපි පසුගිය මාර්තු 31 වැනිදා සිට මේ රටේ සිදුවූ දේවල් ගැන බලන්න ඕනා. රටක නීතියක් තිබෙන්න ඕනා. රටේ නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ත්‍රස්තවාදය වෙන්නේ කොහොමද?



හර්ෂ ද සිල්වා  – ලක්ෂ ගණනක් එදා පැවැති පාලනයට විරුද්ධව පාරට බැස්සා. ඉතින් කොහොමද දමිතා අබේරත්න මහත්මිය විතරක් වැරදි වෙන්නේ. ඇයි මේ පණිඩුඩය ගෙනාපු කෙනාට වෙඩි තියන්නේ.



සුසිල් ප්‍රේමජයන්ත  – මම පොලිසිය භාර ඇමැතිතුමාට ඉදිරිපත් කරන්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා.

views

263 Views

Comments

arrow-up