"හෝප් ගේට්" විවෘත වෙයි

විදේශගත ශ්‍රමිකයන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ පිවිසුම් දොරටුවක් ඊයේ(01) විවෘත කර තිබුණා.
මෙම දොරටුව නම් කර තිබුණේ "හෝප් ගේට්" ලෙසයි.
විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ට සහ විදෙස්ගත රැකියාවේ නිරතව යළි දිවයිනට පැමිණෙන ශ්‍රමිකයන් සඳහා මෙම නව දොරටුව විවෘත කළ බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
මෙහිදී විදේශගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට මෙන්ම ඒ සඳහා සහාය ලබාදීමට විශේෂ සත්කාරක සේවා සැපයීමේ කණ්ඩායමක්ද යොදවා තිබීම විශේෂත්වයක්.
246 Views
Comments