විදුලිය හදන්න පක්ෂ විපක්ෂ එකතු වෙද්දී ජවිපේ හා ටී.එන්.ඒ මඟ හරී

විදුලිබල මන්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති කමිටුව සදහා යෝජනා ඉදිරිපත් කිරීමට ආන්ඩු පක්ෂය විපක්ෂ සහ හිටපු විදුලිබල ඇමතිවරුන් අද පාර්ලිමේන්තුවේදී කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව හිටපු විදුලිබල අමාත්‍ය වරුන්වන පාටලී චම්පක රණවක , ගාමිණී ලොකුගේ , අජිත් පී පෙරේරා සහ ජෝන් සෙනවිරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ අද උදෑසන 11.30 ට අදාල කමිටුවට තම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ආන්ඩු පක්ෂයට සම්බන්ධ කණ්ඩායම මෙම කමිටුව හමුවට පස්වරු 2 කට පැමිණ ඇති අතර අනතුරුව පස්වරු 3.30 ට විපක්ෂ මන්ත්‍රීවරුන් කමිටුව හමුවේ සිය අදහස් දැක්වීම සදහා මෙලෙස පැමිණ තිබෙනවා.
කෙසේ නමුත් මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමල සංධානය සහභාගි වී නැහැ.
විදුලිබල මන්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට පතකර ඇති කමිටුවට තම යෝජනා ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය දා පක්ෂ විපක්ෂ සියලු මැති ඇමතිවරුගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එසේම අමාත්‍යවරයා පෞද්ගලිකවම විපක්ෂය නායකවරයාට ආන්ඩු පක්ශ කන්ඩායමට සහ හිටපු විදුලිබල ඇමතිවරුන්ට ලිපි මගින් අද (09) දින මේ සදහා සහභාගි වන ලෙස ආරාධනා කර තිබුණා.
256 Views
Comments