ප්ලාස්ටික් කාඩ්පත් නෑ.. රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම නවතයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති සීමිත රියැදුරු බලපත්‍ර විදෙස්ගතවන නව බලපත්‍ර ලාභීන්ට පමණක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.
සෙසු බලපත්‍ර අයදුම් කරුණු සඳහා දැනට ඇති බලපත්‍රය වලංගු කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
එසේ බලාපොරොත්තු වන අයදුම්කරුවන් කාල සීමා දීර්ඝ කිරීම සඳහා අයදුම්කරුවන් පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය හෝ කොළඹ වේරහැර කාර්යාලය පැමිණීමෙන් කර ගැනීමට හැකි බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රියදුරු බලපත් මුද‍්‍රණ කාඩ්පත් ලක්ෂ හතර හමාර කොටසක් ඕස්ට්‍රියානු සමාගමකින් ඇනවුම් කර ඇති අතර ඒවා ඉදිරි සතියේදී මෙරටට ලැබෙන්නේ නියමිත බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
203 Views
Comments