තෙල් මිල නැවත වැඩි කරන්න වෙයි - ජනපති රනිල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

තෙල් මිල නැවත වැඩි කරන්න වෙයි - ජනපති රනිල්

තෙල් මිල නැවත වැඩි කරන්න වෙයි - ජනපති රනිල්

 

ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමිනි.

 

කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නංවා ගනිමින් විදේශ විනිමය ඉපැයිය හැකි ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත්කර ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

ගෝලීය ආහාර අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර ගැටලුව විසඳාගැනීමට සැලසුම්සහගතව හා සාමුහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ රජයේ නව වැඩසටහන සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද සඳහන් කළේය.


 

views

217 Views

Comments

arrow-up