සිය නිවස පසුපස දොර අසලදී වන අලියෙකු පහරදීමෙන් තිදරු පියා ජීවිතක්‍ෂයට

තිරප්පනේ පොලිස් බල ප්‍රදේශයට අයත් අංක 539 වෙල්ලමුදාව, වෙල්ලමුදාව ග්‍රාමයේ 22දා රාත්‍රි 2ට පමණ තම නිවස පිටුපස දොරටුව අසලදී වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වු පිනාගේ නිමල්රත්න නමැති තිදරු පියෙකි.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ඔහු නිවස අසල කිසියම් ශබ්දයන් ඇසී ගෙවත්තට වන අලි පැමිණ ඇත්දැයි බැලීම සඳහා රාත්‍රියේ නිවසේ පිටුපස දොර විවෘත කර විපරම් කිරීමට බැලීමේ දී දොර අසල සිටි වන අලියා එකවරම ඔහුට පහර දී ඇතැයි පොලිසිය කීය.
මේ දිනවල වෙල්ලමුදාව, සෙලෙස්තිමඩුව, පුංචිකුලම හා කුඩාගම ඇතුළු ගම්මාන බොහොමයකට වන අලි තර්ජන එල්ල වෙමින් පවතින ගොවීහු කියති.
මෙලෙස වන අලි ගම්වැදීම මිනිස් ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි ද ගොවීහු කියති.
221 Views
Comments