පෑලියගොඩ මාළු මිල සීඝ්‍රයෙන් පහළට

මේ දිනවල උතුරු මුහුදෙන් ලැබෙන සරු අස්වැන්න නිසා ඉකුත් කාලය හා සැසඳීමේදී මාළු මිල සියයට 50කින් පමණ පහළ බැස ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.
තලපත්, ඉස්සා ආදිය හැර අනෙකුත් සියලුම මාළු වර්ගවල මිල ගණන් අඩුවී ඇත.
මෙම මාස දෙක තුනේදී උතුරේ මෙන්ම දකුණේ මුහුදේද මත්ස්‍ය අස්වැන්න ඉතා සරු බැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ලබාදීම විධිමත් කළහොත් මාළු මිල ගණන් තවත් පහළ දැමිය හැකි බව ද හෙතෙම කීය.
ඒ අනුව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිහිපයක තොග මිල ගණන් ඊයේ (22 දා) සටහන් වී තිබුණේ මෙලෙසිනි.
හාල්මැස්සා කිලෝව රුපියල් 400, හැඳල්ලා 700, බලයා 500, ලින්නා 450, සාලයා 300, හුරුල්ලා 600 සහ තලපත් 2500
259 Views
Comments