අබලන් වූ ඉස්කෝලේ

හෝමාගම අධ්‍යාපන කොට්ඨාශයට අයත් හංවැල්ල තුන්නාන සිරි සුමනජෝති මහා විද්‍යාලයේ ගොඩනැඟිලි රැසක් මේ වනවිට අබලන් තත්වයේ පවතින බව වාර්තා වනවා.
ඒ අනුව මව්පියන් සහ සිසුන් විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමක් අනුව 2019 වසරේ දී රුපියල් මිලියන 70 ක වියදමකින් නව තෙමහල් ගොඩනැගිල්ලක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණත් ආණ්ඩු පෙරළිය හේතුවෙන් 2021 වසරේ දී එහි වැඩකටයුතු නවතා දමා තිබෙනවා.
පන්ති කාමර, පරිගණක විද්‍යාගාර, ශ්‍රවණාගාර ඇතුළු පහසුකම් රැසකින් සමන්විත මෙම ගොඩනැගිල්ල කඩිනමින් වැඩ නිම කර සිසු අයිතියට පත්කරන ලෙසයි දෙමව්පියන් ඉල්ලා සිටින්නේ.
266 Views
Comments