අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීමට රු. බිලියන 200ක්

අඩු ආදායම්ලාභී පවුල් සදහා සහන සැලසීමට රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජීවන වියදම් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මෙම වැඩපිළිවෙල යටතේ රටේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500-10,000 දක්වා මුදලක් වෙන් කරන අතර දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
249 Views
Comments