ගුවන් යානයක ගමන් කල හැකි මගී සංඛ්‍යාවේ සීමා ඉවතට

කොවිඩ්- වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75ක් විය යුතු බවට පනවා තිබූ සීමා වහාම ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.
ඒ අනුව මෙරටට එන සහ පිටත්ව යන දේශීය හා විදේශීය ගුවන් සමාගම්වලට අයත් ඕනෑම ගුවන් යානයකට නියමිත මගීන් සංඛ්‍යාව රැගෙන යා හැකි බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේය.
පසුගිය 07 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක බවද හෙතෙම සඳහන් කළේය.
එසේ වුවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොවිඩ් - 19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සංචාරකයින්ට සහ අනෙකුත් මගීන් සඳහා මේවන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විවෘතව පවතින නමුත් එන්නත් නොකළ මගීන් තවමත් දින 14ක නිරෝධායනයකට ලක්වීම අනිවාර්ය යැයිද සිවිල් ගුවන් සේවා අධිකාරි සභාපතිවරයා පැවසුවේය.
783 Views
Comments