SEP
29
ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වු පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් එම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම පුවත අදාළ බලධාරින් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති තොරතුරක් බවය.
එම සිදුවීම සම්බන්ධයෙන් කලබල වීමට හේතුවක් නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
1164 Views
Comments