පැය තුනක් ජීවිතයක් බේරා ගැනීමට කළ සටන

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල දේවාලය ආසන්නයේ දී එළවළු ප්‍රවාහනය කළ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට පත්ව තිබේ.
ලොරි රථය ප්‍රපාතයට පෙරළීමෙන් පසු එහි සිරවී සිටි රියදුරු බේරාගැනීම සඳහා පැය 03ක පමණ කාලයක් ගතව ඇත.
ප්‍රපාතයට වැටුණු ලොරි රථය සිරවී තිබුණු අතර එම ස්ථානයට රැස්ව සිටි පිරිස හා පොලිසිය එක්ව ලොරි රථයෙන් කොටසක් කපා ඉවත් කිරීමෙන් පසුව රියදුරු බේරා ගැනීමට සමත්විය.
වේදනාවෙන් සිටි රියදුරා “ගන්න බෑ හිරවෙලා තියෙන්නේ හොඳට ම” යනුවෙන් පවසමින් ඔහුගේ ජීවිතය ගැන අනපේක්ෂිත තත්ත්වයක සිටියද එහි සිටි කිසිවෙකුත් බලාපොරොත්තු අත්හැරියේ නැත.
පසුව රැස්ව සිටි සියලුදෙනා එකාවන්ව එක්ව මහත් වෙරදරා රියදුරුව බේරා ගැනීමට සමත්වුණි.
ලොරි රථයෙන් ඉවතටගත් රියදුරු බදුල්ල රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ පාදවලට දැඩි ලෙස තුවාල සිදුව තිබුණි.
843 Views
Comments