ඉන්ධන නොමැතිව ඉදිරි දින වල පැය 08 කට ආසන්න විදුලිය කැපීමක් ?

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් බලාගාර සංඛ්‍ය ලේඛන හා ඉන්ධන ධාරිතාව අනුව ඉදිරි දින කිහිපයේ විදුලි බල සැපයුම අඩාලවිය හැකි ආකාරය ගැන පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
එම සටහන පහතින්
ජූලි 2 සහ 3 දෙදිනට අවශ්‍ය ඩීසල් පවතින්නේ කොලොන්නාව කේ පී එස් 1 හා 2 සහ මතුගම තාප බලාගාර සඳහා පමණී.
පසුගිය සතියේ ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් 25%ක් සපයනු ලැබූවේ ඉන්ධන (ඩීසල්/දැවිතෙල්) මගිනි.
ඉදිරි දින කිහිපයේ ලංකාවේ තාප විදුලිබලාගාර එකිනෙක් වැසී යාමට නියමිතය.
කැලණිතිස්ස කම්බයින් සර්කල් යන්ත්‍රයට මෙ.වෝ. 115 ක් සපයයි.
කැලණිස්ස ජීටී7 යන්ත්‍රයේ තෙල් ඇත්තේ වර්ග මීටර් 100 ක් හෙවත් පැය කිහිපයකට පමණී. සපුගස්කන්ද මෙ.වෝ. 100 යන්ත්‍ර දෙකට දින 4 කට එනම් (ජූලි 5) දක්වා ඉන්ධන ඇත. උතුරු ජනනී (මෙ.ව. 24) හෙට දවසේ තෙල් නැතිව නවතිනු ඇත. සොජිට්ස් (මෙ.වෝ. 130) දැනටමත් තෙල් අවසන් ය.
වෙස්ට්කෝස් (මෙ.වෙ. 270) හෙට සවස තෙල් නැතිව නවතිනු ඇත. මේ ලංකාවේ ලොකුම තාප විදුලි ජනන යන්ත්‍ර ටිකයි.
කෙටියෙන්ම සොජිට්ස් දැනටම නැවති ඇත. වෙස්ට්කෝස්, කැලණිතිස්ස, උතුරු ජනනී, යන ප්‍රධාන යන්ත්‍ර හෙට දිනයේ නවතිනු ඇත. තවත් කුඩා බලාගාර කිහිපයකට දින 4 කට ඉන්ධන ඇත.
250 Views
Comments