කිරි පැකට් ලක්ෂයක් හදීසියේ විනාශ කරයි

මිල්කෝ ආයතනයට අයත් දිගන කර්මාන්තශාලාවේ නිෂ්පාදන දෝෂයක් නිසා වැනිලා රසැති කිරි පැකට් 122,000 ක තොගයක් එම කර්මාන්තශාලා භූමියේ වළ දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මිලි ලීටර් 180 ප්‍රමාණයේ මෙම කිරි පැකට් ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා නිෂ්පාදනය කර ඇති අතර, ඉකුත් 30 වැනිදා එම කිරි පැකට් ඩෝසර් යන්ත්‍රයක් යොදාගෙන කර්මාන්තශාලා භූමියේම වළ දැමූ බවද මිල්කෝ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම කිරි පැකට් තොගය නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබෙන එළකිරි ප්‍රමාණය ලීටර් 22,000ක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
941 Views
Comments