ඩෙල්ටාව මෙන් 500 ගුණයක් පැතිරීම වේගවත් ඔමික්‍රෝන් ලංකාවට ඒම වළක්වා ගැනීම අසීරුයි

ලෝකය පුරා අලුතින් ඔමික්‍රෝන් නමැති කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ශ්‍රී ලංකාවේද එය පැතිරීම වැළැක්විය නොහැකි අවදානමක් මතුව ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.
අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය සදහන් කලේ.,
"මේ අවස්ථාවේ අපට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර තිබෙනවා. ඔමික්‍රොන් කියන මෙම ප්‍රබේදය කොරෝනා සම්බන්ධ විකෘතිවීම් විශාල ප්‍රමාණයක් ඇති බව. එස් ප්‍රෝටීනය බොහෝ විකෘති වන නිසා මෙය ඉතා වේගයෙන් පැතිරෙන බව හඳුනාගෙන තිබෙනවා. අප දැනට භාවිත කරන එන්නත් මීට ඵලදායිද යන්න ගැටලුවක්වී තිබෙනවා.
ඉතා වේගයෙන් පැතිරෙන නිසා තවත් රටවල් වල පැතිරෙන නිසා මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේද පැතිරෙන එක ගැන අවදානමක් තිබෙනවා. ලබාදී තිබෙන එන්නත උපරිම වශයෙන් භාවිතකිරීම මෙම අවස්ථාවේ වැදගත්,වෛරසය ගැන නොදැනුවත් බොහෝ අය.
මෙය ඩෙල්ටාවට වඩා 500 ගුණයකින් වේගවත්. ලංකාවට ඒම වළක්වා ගැනීමට පුළුවන්ද කියන එක ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේ අපි හැසිරෙන්න ඕන විදිහ ගැන කල්පණාකාරී විය යුතුයි." යනුවෙන් පැවසීය.
774 Views
Comments