ඇමෙරිකාවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

ඇමෙරිකාවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

ඇමෙරිකාවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය  සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක්  තහවුරු කර ගැනීමට සමත්වූ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

 

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා අංශයේ බඳවා ගැනීම් සිදුකරන සමාගමක් සමඟ මේ පිළිබඳ ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුමට අනුව ලියාපදිංචි හෙදියන් 250 කට රසායනාගාර තාක්ෂණ ශිල්පීන් 100 කට සහ හෙද සහායිකාවන් 200 කට ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

 

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය එම රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීම් දේශීයව සිදු කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

views

177 Views

Comments

arrow-up