අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට

අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට

අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ඊයේ (28) උදෑසන කාලයේදී එම අනතුර සිදුව ඇත්තේ, ඇහැළියගොඩ, පහළගම රිලාකුඹුර වෙල්යායේදීය.

 

එසේ මියගොස් ඇත්තේ, 59 හැවිරිදි පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

වී හා එළවළු වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා එම විදුලි රැහැන ඇද ඇති බව පොලීසිය පවසයි.

 

මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ඇහැලියගොඩ රෝහලේ තැන්පත් කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

288 Views

Comments

arrow-up