පාලි හා බෞද්ධ සරසවිය තැබෑරුමක් පරදවයි - අරක්කු බෝතල් හා බියර් කෑන් තොගයක් හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

පාලි හා බෞද්ධ සරසවිය තැබෑරුමක් පරදවයි - අරක්කු බෝතල් හා බියර් කෑන් තොගයක් හමුවේ

පාලි හා බෞද්ධ සරසවිය තැබෑරුමක් පරදවයි - අරක්කු බෝතල් හා බියර් කෑන් තොගයක් හමුවේ

හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තිබී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් දහසක පමණ ප‍්‍රමාණයක් හමු වී ඇත.

 

දැනට තාවකාලිකව වසා දමා ඇති එම විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමි ඇතුළු බලධාරීන් විසින් සිදු කරන ලද පරීක්‍ෂාවකදී මෙම බෝතල් තොගය සොයාගෙන තිබේ.

 

මෙම බෝතල් තොගය සගවා තිබී ඇත්තේ කසළ බැහැර කිරීම සඳහා සකසන ලද වළක් තුළත් හා අපජලය බැස යන කාණු පද්ධතියක ගලි වළක් තුළයි.

 

මෙම හිස් මත්පැන් බෝතල් කුඩු කර දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.

views

233 Views

Comments

arrow-up