දුම්රිය ගමන් නැවත්වූ මෘත දේහය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

දුම්රිය ගමන් නැවත්වූ මෘත දේහය

දුම්රිය ගමන් නැවත්වූ මෘත දේහය

දුම්රියේ ගැටී මියගිය බවට සැක පුද්ගලයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගයෙන් ඉවත්කර නොගැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

 

අද උදෑසන 6.30ට පමණ පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නේදී මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බවට තොරතුරු වාර්තාවෙයි.

 

කෙසේ වෙතත් උදෑසන 9පමණ වනතෙක් දුම්රිය මාර්ගයෙන් අදාළ පුද්ගලයාගේ මළ සිරුර ඉවත්කර නොගැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

 

කෙසේ වෙතත් පසුව පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගැනීමට පියවර ගෙන ඇත.

 

මෙලෙස දුම්රිය අනතුරට ලක්ව මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

views

217 Views

Comments

arrow-up