ධාවනයට තහනම් යතුරුපැදි හයක් පොලිස් භාරයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ධාවනයට තහනම් යතුරුපැදි හයක් පොලිස් භාරයට

ධාවනයට තහනම් යතුරුපැදි හයක් පොලිස් භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ අධි ධාරිතාවයෙන් යුතු යතුරුපැදි 06ක් වැලිවේරිය හේනගම ප්‍රදේශයේදී ගරාජයක තිබී සොයාගෙන තිබේ. 

 

පොලීසිය පැවසුවේ එම යතුරුපැදිවල වටිනාකම රුපියල් ලක්ෂ 400කට අධික බවය. 

 

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව වැලිවේරිය හේනගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි සොයාගෙන තිබේ. 

 

මෙරට භාවිතය සඳහා අනුමැතිය නොමැති අධි ධාරිතාවයෙන් යුතු මෙම යතුරුපැදි කොටස් වශයෙන් මෙරටට ගෙන්වා එකලස්කර අලෙවි කිරීමට සුදානම් කර තිබූ ඒවා බව වාර්තා වෙයි. 

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

204 Views

Comments

arrow-up