කෘෂි ඇමතිගෙන් ගොවීන්ට සුබ පණිවුඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

කෘෂි ඇමතිගෙන් ගොවීන්ට සුබ පණිවුඩයක්

කෘෂි ඇමතිගෙන් ගොවීන්ට සුබ පණිවුඩයක්

මහ කන්නයේ දී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ගෝවීන් සඳහා මුදල් ආධාර ලබාදීමේ වැඩපිළිවෙල අද (29) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

 

පසුගිය මහ කන්නයේ වී ගොවිතැන සිදුකළ ගොවි පවුල් මිලියන 1.2කට මහ කන්නයේ දී සිදුවු අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව වසිනි රුපියල් බිලියන 08ක මුදලක් ලබාදෙනු ලැබීය.

 

අදාළ මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීම නිල වශයෙන් අද දිනයේ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

 

ඒ අනුව කුඹුරු හෙක්ටයාරයක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000ක් හා ඊට වැඩියෙන් ඇති ගොවින් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ.

 

මේ අතර වගා කටයුතු සඳහා රජයෙන් ලබා දී ඇති පොහොර නිසි ප්‍රමිතියකින් තෙර බව ගොවීන් චෝදනා කරති.

views

181 Views

Comments

arrow-up