පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්

පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි.

 

අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවය.

 

මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ආනයනය කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේය.

 

"දැනට ශ්‍රී ලංකා පොලීසියේ, බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා උපකරණ 2018 180,000ක් ගෙනාවට පස්සේ දැන් ඒවා අවසන් වෙලා. දැන් අපි අත්අඩංගුවට ගන්නේ බීමත් රියදුරන් විතරයි. ඉදිරියේ දී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ජාතික සභාවෙන් මිලියන 160ක් දීලා තියෙනවා පොලීසියට."

views

175 Views

Comments

arrow-up