අයිස් මත්ද්‍රව්‍ය තොගයේ සැකකරුවන් රිමාන්ඩ්

දකුණු මුහුදු තීරයේදී පසුගියදා නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 07දෙනා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පිරිස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබුණි.
පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ විමර්ශන කටයුතු අවසන්වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පොලීසියට නියෝග කළේ, එක් එක් සැකකරුට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳව සාක්ෂි සම්පිණ්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
159 Views
Comments