රටේම අපේක්ෂාව හෙළිකළ මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා ඉන්දියාව සහ චීනය ඇතුළු ද්වීපාර්ශවික ණය හිමියන්ගේ මූල්‍ය සහතිකය අපේක්ෂාවෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
"ද හින්දු" පුවත්පත සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙන්නේ පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව චීනය, ජපානය සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වු බවය.
ණය හිමි රටවල් සමග සංසන්ධනාත්මක සහ විනිවිද පදනමක් මත සියලු තොරතුරු බෙදාගෙන ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදී පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය මෙම වසර තුළ ලබාගැනීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර තිබුණද එය අසාර්ථක වූ බවත් එම සහාය ලබාගැනිම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහතිකය අත්‍යවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබේ.
මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවා ඇති අතර එම කාලය තුළ සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන තුන දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකු අධිපතිවරයා "ද හින්දු" පුවත්පතට පවසා ඇත.
169 Views
Comments