මිස් කෝල් එකෙන් හඳුනාගෙන නිවසට පැමිණ පාසල් දැරියව කෙළෙසූ තරුණයා දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
24

මිස් කෝල් එකෙන් හඳුනාගෙන නිවසට පැමිණ පාසල් දැරියව කෙළෙසූ තරුණයා දැලේ

මිස් කෝල් එකෙන් හඳුනාගෙන නිවසට පැමිණ පාසල් දැරියව කෙළෙසූ තරුණයා දැලේ

නීතිඥවරයකුගේ රියැදුරකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, බාලවයස්කාර පාසල් දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අපයෝජනයක් සිදු කළ තරුණයකු පෙරේදා (22) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.



මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සියඹලෑව, රඹෑව පදිංචි 28 හැවිරිදි අයෙකි. මොහු ගංජා භාවිතයට ඇබ්බැහි වූ තරුණයකු බව පොලිසිය කියයි.



මෙම බාල වයස්කාර පාසල් සිසුවිය තම ජංගම දුරකථනයෙන් ලබා ගත් ඇමතුමක් වැරදී එය මෙම තරුණයාගේ දුරකථනයට යෑමෙන් අනතුරුව මෙම සබඳතාවය ආරම්භ වී ඇති බවත් එම සබඳතාව දුර දිග යෑමෙන් පසු මෙම අපයෝජනය සිදුව ඇති බවත් පොලිසිය පවසයි.



දැරියගේ මව වෙළෙඳාමක නිරත කාන්තාවක බවත් දිවා කාලයේ කිසිවකුත් නිවසේ නොමැති අවස්ථාවල දී මෙම තරුණයා දැරියගේ නිවසට පැමිණ කීපවතාවක් ලිංගිකව හැසිරී ඇති බවත් සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.



පාසල් දැරියගේ නෑනාට දැරියගේ ක‍්‍රියා කලාපය පිළිබඳව සැකයක් මතු වීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



දැරිය ඉදිරියේ නීතිඥවරයකුගේ රියැදුරකු ලෙස පෙනී සිටි මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇත. සැකකරු කාලයක් භාවිතා කළ දුරකථන සිම් පත මාරුකර නව සිම් පතක් ලබා ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේ ය.



දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණි.

 

සැකකරු ඊයේ (23) අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

16234 Views

Comments

arrow-up