විදුලි බිලත් හෙට සිට ඉහළට

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන්.
මේ වනවිට විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් කෝටි 25,000 ක පාඩුවක් ලබමින් සිටින අතර විදුලි බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
මේ අතර, විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.
716 Views
Comments