මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මතුවූ මිලියන 12ක කුෂ් ගංජා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
10

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මතුවූ මිලියන 12ක කුෂ් ගංජා

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මතුවූ මිලියන 12ක කුෂ් ගංජා

ව්‍යාජ ලිපිනයන් සඳහන් කරමින් මධ්‍යම තැපැල් හුවමාරුට ලැබී තිබූ රුපියල් ලක්ෂ 120කට ආසන්න වටිනාකමින් යුත් කුෂ් ගංජා ග‍්‍රෑම් 716ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ශ‍්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත්ද්‍රව්‍ය අඩංගුවේ යැයි සැක පිට පාර්සල් දහතුනක් පරීක්ෂණ කටයුතු සඳහා නවතා ඇති අතර මෙම පාර්සල් බි‍්‍රතාන්‍යයේ සිට කොළඹ, ගම්පහ සහ කළුතර ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත එවා තිබූ බවත් පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

views

675 Views

Comments

arrow-up