හෙටත් පැය හත හමාරක විදුලිය කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

හෙටත් පැය හත හමාරක විදුලිය කප්පාදුවක්

හෙටත් පැය හත හමාරක විදුලිය කප්පාදුවක්

හෙට දිනයේදීත් (04) පැය හත හමාරක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

 

පැය 7 හමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීම ආරම්භ කෙරුණේ ඊයේ දිනයේ වන අතර අද දිනයේදීත් පැය 7 හමාරක විදුලි කප්පාදුවක් සිදු වනවා.

 

පසුගිය දින කිහිපයේ දී ම රට පුරා දිනකට පැය හතහාමාර ඉක්මවමින් විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

 

මෙලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට මූලිකව හේතුව වී ඇත්තේ විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය කර ඇති ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන් එම බලාගාරවල ක්‍රියාකාරිත්වය අක්‍රීය වීමයි.

 

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධන ලබා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

 

මෙවන් පසුබිමක් මත දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කරමින් විදුලි සැපයීමේ ධාරිතාව පාලනය කරගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.

 

එමෙන්ම ලබන සඳුදායින් පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 3 වැනි දා මුළු දිවයිනටම සිදු වූ විදුලිය ඇනහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට අද (03) පැමිණි අවස්ථාවේදි යි.

 

තව ද, අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නා.

 

ඒ පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි නිලධාරීන් පැවසුවේ.

views

750 Views

Comments

arrow-up