පෙරළුණු ත්‍රිරෝදයට යටවී මරු තුරුළට ගිය එකොළොස් හැවිරිදි දරුවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
25

පෙරළුණු ත්‍රිරෝදයට යටවී මරු තුරුළට ගිය එකොළොස් හැවිරිදි දරුවා

පෙරළුණු ත්‍රිරෝදයට යටවී මරු තුරුළට ගිය එකොළොස් හැවිරිදි දරුවා

කටාන, කදිරාන බේස්ලයින් පාරේ පෙරේදා(23) සවස සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රියක පිටුපස ගමන්ගත් 11 හැවිරිදි දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කටාන පොලිසිය කියයි.

 

කදිරාන හන්දියේ සිට කුළුණ හංදිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එක්වරම යූ හැඩයට හැරවීමේදී එය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

 

එක්වර හැරවීමත් සමඟ ත්‍රීරෝද රථයේ පසුපස සිටි දරුවා එළියට විසි වී ඇති අතර ඒ අවස්ථාවේදී දරුවාගේ ශරීරය මතට ත්‍රිරෝදය පෙරළී ඇතැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

 

අනතුරින් බරපතළ තුවාල ලද දරුවා සහ ති‍්‍රරෝද රථය පැදවූ ඥාති සහෝදරයා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙන අතර දරුවා පැයකට පමණ පසු මියගොස් තිබේ.

 

ත්‍රිරෝද රථය පැදවූ රියදුරාගේ නොසැලකිලිමත් අපරීක්‍ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව ඇත.

 

අනතුරින් මියගොස් තිබෙන්නේ තිඹිරිගස්කටුව පදිංචිව සිටි දරුවෙකි.

 

කටාන පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

720 Views

Comments

arrow-up