විදුලි සැර වද්දවා ඇතෙකු මරා වළ දැමූ “අලි රොෂාන්” ඇතුළු සිව්දෙනකුට ලක්‍ෂ 12ක් දඩ

පුත්තලම කල්අඩිය ග‍්‍රාම නිලධාරී වසමට අයත් නෙළුම් වැව ප‍්‍රදේශයේ පිහිටි වගා බිමක දළ ඇතකුට විදුලි සර වද්දවා මරා රහසිගතව වළ දැමීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනකුට රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත‍්‍රාත් අසේල ද සිල්වා මහතා 8 වැනිදා නියෝග කළේය.
පසුගිය වසරේ නොවැම්බර් 21 වැනිදාට ආසන්න දිනක දී මෙම ඇතා විදුලි සර වද්දවා මරා දමා පසුව බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන් විශාල වළක් කපා වළ දමා තිබියදී වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් මත සිරුර සොයා ගැනීමට හැකිවිය.
අදාළ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු හා කාන්තාවක ඇතුළු පස්දෙනකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
මාස තුනකට ආසන්න කාලයක් පැවැති නඩු විභාගය අවසානයේ මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන ‘අලි රොෂාන්’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන එම්. ඞී. රොෂාන් අනුරුද්ධ දිසානායක නමැති අයට මුදලින් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කර තිබුණි.
ප‍්‍රධාන සැකකරුට නියම කළ දඩ මුදල 8 වැනිදා අධිකරණයට බැඳීමට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා එසේ නොගෙවන්නේ නම් මාස හයක බරපතළ වැඩ සහිතව සිරද`ඩුවම් නියම කිරීමට ද නියෝග කළේය.
මෙසේ තුන්වන, හතරවන හා පස්වන සැකකරුවන් වන පිළිවෙලින් ඞී. එම්. සිනෙත් නිශාන්ත, එම්. ඞී. ජනක රුවන් දිසානායක හා කේ. ජයවීර පෙරේරා යන වරදකරුවන්ට එක් අයකුට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් හත් ලක්ෂ පනස් දහසක දඩ මුදලක් අධිකරණය විසින් නියම කරන ලදී.
710 Views
Comments