පලිගැනීම් ඇරඹෙයි.. - ගම්මන්පිලගේ කතාව ආණ්ඩු පක්‍ෂයෙන් කපා දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පාර්ලිමේන්තුවේ අදහස් පළ කිරීමට ආණ්ඩු පක්ෂයේ වෙලාව ලබා නොදීමට තීරණය කර තිබේ.
පක්‍ෂ නායකයෙකුද වන ඔහු අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව දන්වා තිබිණි.
නමුත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයෙන් අවස්ථාව ලබා නොදීමට තීරණය කිරීමත් සමග ඊට අදාළව තව දුරටත් සාකච්චා සිදු කරමින් ඇත.
කෙසේ වෙතත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ගම්මන්පිල මහතා ආණ්ඩු පක්‍ෂ වේලාවෙන් අදහස් පල කිරීමේ වරදක් නැති බවයි.
706 Views
Comments