පරිසර ඇමතිගේ නියෝගත් නොසලකා - මහවැලි ගඟේ සාෆි නගර් වැලි කැණීම් ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

පරිසර ඇමතිගේ නියෝගත් නොසලකා - මහවැලි ගඟේ සාෆි නගර් වැලි කැණීම් ඇරඹේ

පරිසර ඇමතිගේ නියෝගත් නොසලකා - මහවැලි ගඟේ සාෆි නගර් වැලි කැණීම් ඇරඹේ

මහවැලි ගඟේ ස්භාවික ඩෙල්ටාවක් වන ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සාෆි නගර් රක්ෂිත ප්‍රදේශයේ යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් වැලි කැණීම් කටයුතු මේවන විට ආරම්භ වී ඇති බව පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය පවසනවා. 

 

එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පැවසුවේ පාරිසරික තක්සේරු වාර්තාවක් හෝ නොමැතිව සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණීම් ආරම්භ කර ඇත්තේ නීති විරෝධී ලෙස නිකුත් කර වැලි බලපත්‍රයක් භාවිත කරමින් බවයි.

 

කෙසේ වෙතත් භූ විද්‍යා පතල් කාර්්‍යාංශයේ නිලධාරීයෙකුගේ අවශ්‍යතාව මත නීති විරෝධී බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් චෝදනා කළේ.

 

 

එම ස්ථානයේ වැලි කැණීම මගින් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

 

views

981 Views

Comments

arrow-up