එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න රු. 5,908ක් ප්‍රමාණවත් - රජයේ නිල වාර්තාවක් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න රු. 5,908ක් ප්‍රමාණවත් - රජයේ නිල වාර්තාවක් කියයි

එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න රු. 5,908ක් ප්‍රමාණවත් - රජයේ නිල වාර්තාවක් කියයි

මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් සරිලන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

 

2022 වසරේ ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා සීමා  ප්‍රකාශයට පත් කරමින්  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එසේ සඳහන් කරයි.

 

එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හෙවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,908 ක මුදලක් ප්‍රමාණවත් වනු ඇත.

 

දිස්ත්‍රික්ක පදනම අනුව සලකා බලන කල පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම සඳහා වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ දීය. එය රු. 6414 ක් වේ.

 

එසේම මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට මාසයක් තුළ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,646 ක් අවශ්‍ය බව එහි සඳහන් අතර දිස්ත්‍රික්ක පදනමින් එය අවම අගය වේ.

 

මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

 

 

views

912 Views

Comments

arrow-up