කෝටි ගණන් පාඩු ලබන තෙල් සංස්ථාවට කෝටි 05ක කැමරා සවි කරයි

මේ වනවිට රුපියල් කෝටි 11,000 කට අධික පාඩුවක් ලබා තිබෙන ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි පහක මුදලක් වැයකර අධි තාක්‍ෂණයෙන් යුත් සීසීටීවී කැමරා පද්ධතියක් දෙමටගොඩ ප‍්‍රධාන කාර්යාලයේ සවි කරන්නට පටන්ගෙන තිබේ.
තට්ටු අටකින් යුත් මෙම සංස්ථා, ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන ස්ථාන කිහිපයක සී සී ටී වී කැමරා සවිකර තිබුණ අතර නව ව්‍යාපෘතියක් යටතේ මහල් අටම ආවරණය වන පරිදි අධි තාක්‍ෂණයෙන් යුත් මෙම සීසීටීවී කැමරා පද්ධතිය සවි කිරීම ආරම්භ කර ඇත.
ඉකුත් වසරේ අගභාගයේදී මේ සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර රට තුළ බරපතළ ඉන්ධන අර්බුදයක් මතුව තිබියදී මෙම කැමරා සවිකිරීම ආරම්භ කිරීම ජනතා අප‍්‍රසාදයට හේතු වන බව එහි සේවකයෝම කියති.
මෙම කොන්ත‍්‍රාත්තුව ලබා දී ඇත්තේ පුද්ගලික සමාගමකටය. මේ වන විට ගොඩනැගීල්ලේ CCTV කැමරා සවි කිරීම සිදුවන බවයි එම ආයතනයේ ඉංජිනේරු සහ තාක්‍ෂණික අංශය තහවුරු කළේ.
791 Views
Comments