ජපානයේ දැවැන්ත භූ කම්පාවක් - දෙදෙනෙක් මරු‍ට - 90කට තුවාල
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
17

ජපානයේ දැවැන්ත භූ කම්පාවක් - දෙදෙනෙක් මරු‍ට - 90කට තුවාල

ජපානයේ දැවැන්ත භූ කම්පාවක් - දෙදෙනෙක් මරු‍ට - 90කට තුවාල

බදාදා රාත්‍රියේ ඊසානදිග ජපානයට  රිච්ටර් පරිමාණයේ ඒකක 7.3ක දැවැන්ත භූ කම්පනයක් සිදුව තිබේ.


 
මීට වසර 11 කට පෙර ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය ඇති වූ ප්‍රධාන භූමිකම්පාවක් ඇති වූ ප්‍රදේශයටම මෙය බලපා ඇතැයි සදහන්වේ. 


 
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මුහුදේ කිලෝමීටර් 57ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.
 


ඒ සමග සුනාමි අනතුරු ඇඟවීම් පවා ජපානයට නිකුත් කර ඇත.


 
මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් නිවාස මිලියන දෙකක විදුලි බලය තාවකාලිකව විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙයින් අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.


 
ඇතැම් ප්‍රදේශවල පුද්ගලයින්ට හිටගෙන සිටීමට නොහැකි තරම් භූ කම්පාව බලවත් වූ අතර, ටෝකියෝ අගනුවර ගොඩනැගිලි දෙදරුම් කෑ බව AFP පුවත් ඒජන්සිය වාර්තා කරයි.


 
මේ අතර ෆුකුෂිමා, මියාගි සහ යමගතා ප්‍රාන්තවල පසු කම්පන ඇති විය හැකි බව පැවසේ.

views

711 Views

Comments

arrow-up