අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම්

සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් අද(13) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේදී ගත් තීරණ දැනුම් දෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේය.

 

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අද සිට අත්හිටුවනු ඇත.

 

සංචාරක, වරාය‍, ඇඟලු‍ම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය සඳහා අවසර හිමිවේ.

 

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ්පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බවයි.

 

අවන්හල්, සාප්පු සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

views

751 Views

Comments

arrow-up